Wednesday, February 8, 2017

Arch linux : bash commands කීපයක් සහිත තනි command එකක් හදමු


Linux පාවිච්චි කරද්දී අපිට වෙන එපාම කරපු වැඩක් තමා පොඩි වැඩක් කරගන්න terminal එකේ commands ගොඩක් ගහන්න වෙන එක.

උදාහරණයක් විදියට අපිට apache, php, mysql  servers ඔක්කොම start කරන්න නම් හැම එකම වෙන වෙනම start කරන්න ඕනි (lamp). හැබැයි ඒ ඔක්කොම start කරන commands එක command එකක් විදියට execute කරන්න පුළුවන් නම් එක මරු නේ!

ඉතින් linux අපිට් ඕනි විදියට හදාගන්න පුළුවන් නිසා වැඩේ ගොඩ දාගන්න ලේසියෙන්ම පුළුවන්.
කරන්න තියෙන්නේ මෙච්චරයි,

Step 01 - ඔයා ලියන අලුත් commands දාන්න directory එකක් හදාගන්න
උදාහරණයක්  ලියන commands ටික save කරන්න මම /home/myscripts  කියන තැන තෝරාගන්නවා.

Step 02 - ඒ directory එක bash එකට link කරන්න ඕනි 
bash එකට link කරන්න නම් /etc/bash.bashrc කියන file එකට මේ lines ටික අන්තිමට දාන්න. (අත්තට්ටම මේ කරන්නේ අපේ path කියන variable එකට අපේ commands තියෙන තැන දාන එක)

# if /home/myscripts exists and is a directory & if is not already in your $PATH
# then export /home/myscripts to your $PATH.
if [[ -d /home/myscripts && -z $(echo $PATH | grep -o /home/myscripts) ]]
then
   export PATH="${PATH}:/home/myscripts" 
fi

හරි දැන් අපි අපේ commands ලියමු. එකට මන් lamp උදාහරනේ ගන්නම්.

Step 03 - commands සහිත file එකක් ලිවීම
අපි මුලින් කරන්න ඕනි අදාළ කාර්ය කරන commands සහිත file එකක් හදන එක.
මේ file එකේ නම අපේ අලුත් command එකට දාන නම වෙන්න ඕනි.
මම lamp server එක start කරන්න command එකක් ලියන නිසා මම මේ file එක lampstart කියලා නම් කරනවා.
terminal command එක (using gedit as text editor)
gedit  /home/myscripts/lampstart

දැන් අපි මේ file එකට අපි කරන දේට අදාළ commands ටික මේ විදියට දාන්න ඕනි. (මම කරන්නේ lamp start කරන එක. ඔයාලට ඔයාලට ඕනි commands ටික දාගන්න පුළුවන්)
#!/bin/bash    
#start apache  
echo "starting lamp server..."
sudo systemctl start httpd
#start mysql  
sudo systemctl start mysqld
echo "lamp server started!"

(echo ටික දාල තියෙන්නේ එතකොට run වෙන්න පටන් ගත්ත දැන් හරි start උනා වගේ එව්වා ටෙර්මිනල් එකේ print කරන්න පුළුවන් නේ. # කියන්නේ comments)

 දැන් ඉවරයි. ඕක save කරලා terminal එකේ lampstart කියල ගහලා බලන්න. සුකිරි වගේ වැඩ කරන්න ඕනි.

ඔය විදියට දැන් පුළුවන් commands ගොඩක් execute වෙන තනි command හදල run කරන්න. commands  ටික තියෙන file එකක් විතරයි හදන්න තියෙන්නේ අලුතෙන් හදපු directory එකේ!

No comments:

Post a Comment