Q.
මොකද්ද child සහ parent components කියන්නේ?A.
X කියලා component එකක් Y කියන component එක පාවිච්චි කරනවා නම් ඒ අවස්ථාවට අනුව,
- X = parent component
උදාහරණයක් විදියට අපි සලකමු Movie කියලා component එකක් තියෙනවා කියලා. ඒ Movie component එකේ Rating කියන component එක use කරලා තියෙනවා.
- Y = child component
Movie = parent component
Rating = child component
parent.component.ts
import { Component } from '@angular/core';
@Component({
selector: 'app-root',
template: '<child-app inputdata="data"> </child-app> '
})
export class ParentComponent {
public data:string = "Hello!!!";
}
child.component.ts
import { Component, Input } from '@angular/core';
@Component({
selector: 'child-app',
template: '<p>{{fromParent}}</p>'
})
export class ChildComponent {
@Input('inputdata') fromParent:string;
}
ඔය අවස්ථාවේදී output එක විදියට data කියලා print වෙන්නේ.
parent ගේ data කියන variable එක ගන්න නම් කරන්න තියෙන්නේ,
parent.component.ts එකේ <child-app inputdata="data"> කියන එක <child-app [inputdata]="data"> ලෙස වෙනස් කිරීම!
parent.component.ts
import { Component } from '@angular/core';
@Component({
selector: 'app-root',
template: '<child-app [inputdata]="data"> </child-app> '
})
export class ParentComponent {
public data:string = "Hello!!!";
}
දැන් output එක විදියට print වෙන්නේ Hello!!!
මේ data pass කරන ඉතාම සරල විදියක්. Angular 2 data binding වලදීත් මේ concept එකම තමා use වෙන්නේ!
No comments:
Post a Comment