config file එක arch linux වල
~/.config/i3කියන directory එකේ තියෙනවා.
සැ.යු. යට තියෙන commands config එකට දැම්මට පස්සේ එක වැඩ කරන්න නම් i3 reload කරන්න.
(reload කරන හැටි අන්තිමට තියෙනවා)
1. wallpaper එකක් set කර ගන්න
පහත line එක config file එකට add කරන්න.
exec --no-startup-id feh --bg-fill ~/Pictures/pic.png~/Pictures/pic.png කියන්නේ පින්තුරේ තියෙන තැන.
2. screen එක lock කරන්න
පහත line එක config file එකට add කරන්න.
bindsym $mod+l exec i3lockදැන් අපිට් පුළුවන් $mod key එක එකක් L key එක ඔබලා screen එක lock කරන්න.
(හදිස්සියෙවත් ඕක වැඩ නෑ කියන්නේ i3lock එක install කරලා නෑ වගේ සීන් එකක්. පොඩ්ඩක් බලන්න i3lock install කරලා ද කියලා)
3. screen print කරන්න
මම use කරන්නේ scrot කියන tool එක screen ප්‍රින්ට් කරන්න. කැමති ටූල් එකක් තෝරාගෙන keys bind කරගන්න පුලුවන් අවුලක් නෑ.
scrot install කරන්න terminal එකේ මේ command එක ගහන්න.
pacman -S scrotඅපි image editor එකකුත් ඒ එක්කම install කරගමු ගහන screenshot එක open කරගන්න.
gimp image editor එක දාගන්න
pacman -S gimpකියල ටෙර්මිනල් එකේ ගහන්න
හරි දැන් print key එක scrot printscreen එකට bind කරන්න පහත lines config file එකට add කරන්න.
# print screen - whole screen
bindsym Print exec scrot -e 'mv $f /tmp/ && gimp /tmp/$f'
# print screen - select window or rectangle
bindsym $mod+Print exec scrot -s -e 'mv $f /tmp/ && gimp /tmp/$f'දැන් හරි.
තව මොනවද කරන්නේ?
ඔය මං කිව්වේ වැදගත් වෙන configurations ටිකක් විතරයි i3 පටන් ගන්න කෙනෙකුට.
ඔය කට්ටියට දැන් ඔය configuration commands බැලුවොත් මේ වගේ දේවල් ටිකක් නිරීක්ෂණය කරන්න පුළුවන්.
- # - comment
- bindsym - key combination එකක් linux command එකකට bind කරගන්න පුළුවන්.
මේ වගේ syntax එකක් තම එකට තියෙන්නේ.
bindsym key_combination linux_command - නිකන්ම් configuration file එකේ linux command එකක් දැම්මොත් එක i3 start වෙද්දීම run වෙනවා.
(wallpaper එකක් set කර ගන්න උදාහරනේ වගේ)
i3 reload කරන්න පුළුවන් යට තියෙන විදි දෙකෙන්ම
key combination
$mod + shift + rterminal එකේ
i3-msg restart
No comments:
Post a Comment